Gimhana Kale – Sashika Nisansala

ගිම්හාන කාලේ සිත්යායෙ ගෑවිලා
ළංවේද මා ආයේ ඒ දැසේ
සිත් මාගෙ පෑරේද… වස්‌සානෙ වාගේ
සංකා නොදී පාවී ඒ දො මා සොයා…

පෙර වේදනා ගෙනා පාව ගියා පාළු ජීවිතේ
යළි චෝදනා එපා දැත බැඳි සීත හෝරාවේ
හද යාවේලා සදා යාව ඉමු මේ වාගේ
පිදූ ආදරේ නිසා මාගේ හද ආශාවේ…..

shashika nisansala gimhana kale

එකිනෙකා සමග තරහවීම ආයෙත් යාළුවීම පෙම්වතුන් අතර සුලබයි. ආදරයේ මිහිරි රසය දැනෙන්නේ ඒ විදිහට තරහවෙලා යාලු වුණාමයි. ඒත් වියෝව… එහෙමද නැහැ වියෝගය සමහර විට පෙම්වතුන් සදාකල් දුකට පත්කරනවා. වියෝවේ තියෙන්නේ මිහිරක්‌ නොවේ. ශෝකයක්‌..

ගිම්හාන කාලේ සිත් යායේ ගෑවිලා
ළං වේද මා ආයේ ඒ දැසේ
සිත් මාගෙ පෑරේද වස්‌සානෙ වාගේ
සංකා නොදී පාවී ඒ දො මා සොයා

පෙර වේදනා ගෙනා පාව ගිය පාළු ජීවිතේ
යළි චෝදනා එපා දැත බැඳි සීත හෝරාවේ
හද යාවෙලා සදා පෑහී ඉමු මේ වාගේ
පිදු ආදරේ නිසා මාගේ හද ආශාවේ

අපි වෙන් වුණේ වස්‌සානෙදි ඔහු මගේ සිත පාරලා යන්න ගියා. ඒත් මේ ගිම්හාන කාලෙදී ආයෙත් ඔහුගේ දැස්‌ මගේ දෙනෙත්වලට ළං වෙලා… අපේ සිත් ආයෙත් යාවෙන්නද හදන්නේ… අනේ එහෙම වුණොත් එදා වස්‌සානෙදි වගේ දුකක්‌ නම් මට ආයෙත් දෙන්න එපා. එදා මම තනි වුණා. වේදනා වින්දා අද අපි ආයෙත් දැත් එක්‌කරගෙන ඒත්… එදා වගේ මට නිකරුනේ චෝදනා කරන්න නම් එපා. අපි හැමදාමත් මේ වගේ දැත් බැඳන් ඉමු. අපේ එක්‌වූ හදවත් ආයෙත් වෙන් වෙන්න එපා… අපේ ආදරේ අලුත් වෙලා මගේ හදවත ආශාවෙන් මත්වෙලා…

මේ ගීය ලියුවේ ශෙහාන් ගලහිටියාව ශෙහාන් මීට කලින් ගීත කීපයක්‌ම ලියූ රචකයෙක්‌. “ජීවිතේ මල්… අපෙ අම්ම ඉන්නකල්” සන්ෆලවර්ස්‌ ගයන ගීයත්, භාතිය සන්තුෂ් ගායනා කරන “ශ්‍රී ලංකා මාතා පෑ විස්‌කම් බෝමා”, “බයිල ගමුද රී මික්‌ස්‌ කරලා”, ගීත දෙකත්, සිදුව සකුරා ගයන “හොරෙන් බලා කියා පාන” ශෙහාන් ලියූ ගී කීපයක්‌.

ශසිකා යෝජනා කළා සිංදුවක්‌ ලියන්න ඇය මාව වගේම රොම්ෂ්වත් තෝරාගෙන තිබුණා. මේ මම ඇයට ලියූ පළමු ගීය. ඉතින් ශසිකා ගයන සියලුම සිංදු ටික මම ඇහුවා. ඉන් පස්‌සේ ඒ සිංදුවලට වඩා වෙනස්‌ එකක්‌ ලියන්න ඕනෑ කියලා හිතුවා. රොමේෂ් තනුව හදලා තිබූ නිසා මම ඒ තනුවට අනුව පදමාලාව රචනා කළා. හරි අමාරු වුණා මේ පද මාලාව රචනා කරන්න.

නන් නාද වේ සිනා ශුන්ගාරේ වෑහෙනා
සන්තාප හෝරාව පාවීලා
නිම්නාද පාවෙලා පින්තාරෙ ගෑවිලා
කැන්දා ගෙනා හීන ගෑවිලා රෑ පුරා..

මම දැන් ආදරයෙන් මුසපත්වෙලා. ශුන්ගාරෙ ඉතිරී පැතිරී යන තරමේ සිනාවකුත් නැගෙනවා. දුකින් සිටි කාලය පහව ගිහින්. ආශාව නින්නාද දෙනවා. මම දැන් වාසනාවන්තියක්‌. රෑ පුරා සුන්දර හීනවලින් පිරිලා… ඇය දැන් ඉන්නේ පුදුමාකාර සතුටකින් අහිමි වී ගිය පෙම්වතාගේ ආදරය දැන් ඇය යළිත් විඳිනවා. මොනතරම් මිහිරක්‌ද

මේ මෙලඩි එක ලතින් ශෛලියේ එකක්‌. රොමේෂ් මීට කලින් එවැන්නක්‌ කරලා තිබුණේ නැහැ. මේ සිංදුව හැදුවට පස්‌සේ මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හිතුවේ නැහැ.

නිස්‌සාර කාරනා ඇස්‌ ගාව තෝරලා
හින්සාව නෑ මාව පාරාලා
සිත් මාගෙ සාදලා සත් පාට ගාවලා
කැන්දා ගෙනා හීන ගෑවිලා රෑ පුරා…

දැන් ඉතින් මගේ ඇස්‌ ඉදිරියේ තේරුමක්‌ නැති කිසිම දෙයක්‌ නැහැ. මට කිසිම හිංසාවක්‌ නැහැ. මගේ හිත දැන් සතුටින් හරියට පාට හතක දේදුන්න වගේ. ලස්‌සනයි අපි දෙන්නගෙ බැඳීම නිසා මගේ හිත හරිම සුන්දරයි. රෑ පුරාම මම දකින්නේ සොඳුරු සිහින.

මේ ගීය අහන අයට එක්‌ එක්‌ ආකාරයට අර්ථය රස විඳින්න පුලුවන්. සමහරු කියයි මේ ආදර ගීයක්‌ කියලා තව සමහරු කියයි ශසිකාගේ මේ ගීය විරහ ගීයක්‌ කියලා. තවත් අයට කියන්න පුලුවන්. විරහව සහ ආදරයේ සම්මිශ්‍රණයක්‌ කියලා. ඒ සිතිවිලිවලට වැට බඳින්න. අපි සූදානම් නැහැ. ගියේ රසය ඕනෑ විදිහකට විඳින්න පුලුවන් බාධාවක්‌ නැහැ.

අජිත් අලහකෝන් (Meewitha)

Recent Articles

I BUILT THIS WITH WORDPRESS

Related Stories

Leave a Reply

Stay on op - Ge the daily news in your inbox