පාරමී දම් පුරා සපැමිණ – Swayanjatha Theme Song

පාරමී දම් පුරා සපැමිණ – ස්වයංජාත තේමා ගීතය

පාරමී දම් පුරා සපැමිණ
එකට හමුවී යන්න යන සඳ…
කියාගන්නට බැරිව ලතැවෙන
හැඟුම් මිහිදන් නොවේ කිසිදින…

ලේ නහර ඇට මිදුලු විනිවිද
රිදුම් දෙන හැඟුමක්ද ප්‍රේමය
දුර‍ට වි ඇසිපිය නොලා
බලා ඉන්නට අවසරයි
සංසාරයේ පතා ආවෙත් එලෙසමයි…

ස්වයංජාතව හිතේ මතුවන
පහන් සිතුවිල්ලක් ද ප්‍රේමය
දෙපදකට සීමා නොවී
ලයෙන් ලය සැනසිය යුතුයි
ප්‍රේමයෙන් විශ්වයම සුවපත් කළ හැකියි…

නොතින් සසර දුක ජයගන්නට පේවී
දහම් සරණ හැර සරණක් නැත දේවී…….

Paaramee dham pura sapamina – Swayanjatha theme song
Artists – Wisharadha Nanda Malini and Sunil Edirisinghe
Lyrics – Bandara Eheliyagoda
Music – Nawarathna Gamage

පාරමී දම් පුරා සපැමිණ - Swayanjatha Theme Song

Recent Articles

I BUILT THIS WITH WORDPRESS

Related Stories

Leave a Reply

Stay on op - Ge the daily news in your inbox