Truemag

  • Home
  • Cinema
  • Audio
  • Video
    • Hindi Songs
    • Sinhala Songs
    • English Songs
    • Short Films
    • Songs
  • Other Topics
    • Philosophy
    • Science
    • Knowledge
    • Information
    • Thoughts
    • Misc
  • Home
  • About Me
  • Portfolio
  • PIKtiva
  • Downloads
  • Promos
  • Site Map

Make money online with Toloka

How to make money online? One best way to make money online in Sri Lanka (working from home) over the internet is Toloka platform by Yandex.
ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්න පුළුවන්ද?
 
මම ගැන දන්න සහ මගේ බ්ලොග් එක කියවන ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්ණයක් තමයි,
 
🙋‍♀️ “මටත් ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හම්බ කරන්න පුළුවන්ද?”
 
ඒ හැමෝටම මම දෙන උත්තරේ තමයි,
 
🙋‍♂️”ඔව් පුළුවන් හැබැයි ලේසි නෑ”
 
මොකද ඔය හොයල සාර්ථක උන ගොඩක් අය ඒ තැනට ගිහිං තියෙන්නෙ ගොඩාක් මහන්සි වෙලා සහ ගොඩක් කැපකිරීම් කරල. ඒ වගේම ගොඩක් තාක්ෂණික බාදක මැද්දෙ.
 
🤷‍♀️ “මටත් ඒ අය වගේ සල්ලි හොයන්න පුළුවන් නෙ?”
 
පිටිං බලන කෙනෙකුට ඒක ලේසි ගමනක් වගේ පේන නිසා ගොඩක් අය ඒ අය දිහා බලාගෙන ෂොට් කට් වලින් ලේසියෙන් ඒ තැනට යන්න උත්සහ කරනවා. ගොඩක් අයට වරදින තැන ඒක. ඒ වගේම ඒ වගේ ෂොට් කට් උගන්නන තැනුත් දැන් වැහි වැහල නිසා ගොඩක් අය තමන්ගෙ සිහිනය බොඳ කර ගන්නව විතරක් නෙමෙයි අතේ තියන තුට්ටු දෙකත් නැති කර ගන්නවා.
 
 
🤦‍♂️”හරි ඉතිං මටත් මහන්සි වෙලා ඒ තැනට යන්න පුළුවන් නේද?”
 
ඔවු. පුළුවන්. හැබැයි සතියෙන් දෙකෙන් මාසෙන් ප්‍රථිපල ලැබෙන්නෙ නම් නෑ. ස්ථිරව ආදායමක් ලැබෙන ස්ථායි තත්වයට යන්න නම් අඩුම ගානේ අවුරුදු 3 – 4 ක් වත් ක්‍රම කීපයක් අත්හදා බලල ඔයාට ගැලපෙන ක්‍රමය ප්‍රගුණ කරන්න ඕන.
 
ගොඩක් හේතු නිසා පහුගිය කාලෙම මම මේ වගේ ප්‍රශ්ණ අහන ගොඩක් අයට උත්තර නොදී සද්ද නැතුව හිටියා. එත් මේ වසංගතයත් එක්ක ගොඩක් අයගෙ ආදායම් මාර්ග අහිමි වෙලා අලුත් රැකියා හොයා ගන්නත් අමාරු තත්වෙක ඉන්න නිසා කීප දෙනෙකුට හරි උදවුවක් කරන්න හිතුවා.
 
අද මම කියල දෙන්නෙ ඒ එක ක්‍රමයක්.
 
වැදගත්ම දේ තමයි ඔයාට ඉංග්‍රීසි දැනුම පොඩ්ඩක් සහ පොඩි අන්තර්ජාල දැනුමක් තියනව නම් මේ වැඩේ පටන් ගන්න පුළුවන්. සරලවම මේකේ වෙන්නෙ ලෝකෙ තියන ලොකුම අනර්ජාල සේවා සපයන ආයතනක තිබෙන යම් තොරතුරු ඔබට ලබා දීලා ඔබෙන් ඒවා තහවුරු කර ගැනීමක්. (මේ වගේ කතා ඔයාල මීට කලින් අහලත් ඇති. ගොඩක් අය කරල රැවටිලත් ඇති). මම කියනවටම නෙමෙයි ඔයාලම ගිහිං මේ සමාගම ගැන හොයල බලල ලියාපදිංචි වෙන්න. සමාගමේ නම Yandex.
 
දැනට මේ වගේ දෙයක් අතහදා බලල නැති අයට මේක ලොකු පුහුණුවක් වේවි. මේක හරියට ප්‍රගුණ කළොත් මේ හරහා තවත් අවස්ථා ගොඩක් විවර කර ගන්න පුළුවන් වේවි.
 
ඉතිරියේදී තවත් පහසු ක්‍රම කීපයක් උගන්වන්නම්.
 
මේ වැඩේ පටං ගන්න කළින් මගේ ඉල්ලීම් 🙏 කීපයක් තියනවා..
 
👉 මේ වගේ දේවල් කියා දුන්නම අපේ අය (ඕන අය, එපා අය) පොකුරු (😊) පිටිං ඔක්කොම ගිහිං මේවගේ තැන් වල ලියාපදිංචි වෙලා එක එක පිස්සු නටනවා. ඒ දේවල් නම් කරන්න එපා.
 
👉 අනිත් එක ඒ අයගේ කොන්දේසි හරියට කියවලා ඒවාට 100%ක්ම අනුගත වෙලා වැඩ කරන්න. වංගු ගහන්න යන්න එපා. ඔක්කොම සිස්ටම් වලින් මොනිටර් කරන නිසා ඒ වගේ කරන අයගේ ගිණුම් පෙර දැනුම් දීමක් නැතුවම අහෝසි කරනවා,
ඒ වගේම දිගින් දිගටම අපේ අය ඒ වගේ දේවල් කළොත් සමහර විට රටටම මේ අවස්ථාව නැති වෙන්න පුළුවන්.
 
👉 මේ වගේ වැරදි දේවල් කළොත් වෙන්නෙ අපේ රටට එන්න තියන පුංචි හරි ආදායමක් නැතිවෙන එක කියල හොඳට මතක තියා ගන්න.
 
🎉 ඔන්න එහෙනං මං හරහා ලියාපදිංචි වෙන්න ඕන කැමති අයට ලිංක් එක.
 
Yandex.com
 
එකතු වෙන සල්ලි ගෙන්න ගන්න විදිහක් මම මේකේ ලියල තියනවා.
 
https://www.kariyawasam.com/payoneer-sri-lanka/
 
එහෙනං ඔන්න මගෙන් සුබ පැතුම්. ✌️ මම නැවතත් දෙන උපදෙස සල්ලි හම්බ කරන්න කලිංදැනුම එක්ක අත්දැකීම් හොඳින් හම්බ කරන්න. එතකොට දන්නෙම නැතුව සල්ලි එන පාරවල් ගොඩක් හැදෙයි. 💪
📩 Online money පිලිඹඳව ඔබව දැනුවත් කරන ලිපි මාලාව ඔබේ ඊමේල් එකටම ගෙන්වා ගැනීමට නොමිලේ ලියාපදිංචි වන්න.
 
http://bit.ly/37LdFVG
 
ප්‍රශ්න තියනවනම්  අහන්න.
 
 
 
Dec 25, 2020Pradeep Indika Kariyawasam

Share this:

  • Tweet
Tomorrow We Fight - feat. SvrcinaDon't go 'The end of Demeter'- American Gods [Soundtrack]

Leave a Reply Cancel reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Pradeep Indika Kariyawasam

Pradeep Indika Kariyawasam is a professional digital marketer, open source web developer, reader, blogger, traveler, explorer, amateur photographer, mysteriologist & UFO hunter from Galle, Sri Lanka.

2 months ago Misc23
Enter your AdSense client ID on Theme Panel, and select a sizes of Ad Unit.
Get Started Now With Shutterstock
Me on FB

Join the Dots!

Life between the Dots
" When you love what you do, The world pays attention "
Made in Galle with ❤

Pradeep Indika Kariyawasam is a professional digital marketer, open source web developer, reader, blogger, traveler, explorer, amateur photographer mysteriologist & UFO hunter from Galle, Sri Lanka.

This theme brought from
iPage site builder banner
Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.
2016 © Kariyawasam.com | Made in Galle with ♡